9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ට ජනපති ගෞරව පුද කරයි

0
447

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අබියසදී  පැවති  විශේෂ සැමරුමට සෙසු ලෝක නායකයින් ද සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව මෙම සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබිණ.

ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරවය පුද කිරීමේ මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය නියෝජිතවරුන් ද එක්ව සිට තිබේ.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here