Tuesday, September 24, 2024

කොඩිකාමම් ළිඳකින් ක්‌ලේමෝ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ ගොඩගනී

විශේෂ කාර්ය බළකාය යාපනය කොඩිකාමම් පොලිස්‌ වසමේ සිදුකළ මෙහෙයුමකදී යළි භාවිතයට ගත හැකි අධිබලැති ක්‌ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ පෙරේදා (25 වැනිදා) සොයාගෙන ඇත.

යාපනය, පාදිරියායපුලම් ප්‍රදේශයේ ළිඳක්‌ තුළ සඟවා තිබූ අධිබලැති ක්‌ලේමෝ බෝම්බ 13 ක්‌, ජීව අත්බෝම්බ 30 ක්‌ සහ මිමි 60 වර්ගයේ මෝටාර් උණ්‌ඩ 06 ක්‌ මෙසේ විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන තිබේ.

මෙසේ සොයාගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය අතර ඉදිරියේදී භාවිතා කළ හැකි ඒවා තිබූ බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව සොයාගත් මෙම පුපුරන ද්‍රව්‍ය අධිකරණ නියෝග මත යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්‌ත බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් නිෂ්ක්‍රීය කර ඇත.

යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්. ඒ. ඒ. පී. එස්‌. කුමාර මහතා ඇතුළුÊනිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles