රාජ්‍ය ආයතනවලින් තෙල් සංස්‌ථාවට කෝටි 6500ක පොල්ලක්‌

0
697

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතන රුපියල් කෝටි 6500 ක්‌ (බිලියන 65) ක්‌) ඛනිජ තෙල් සංස්‌ථාවට මේ දක්‌වා ගෙවා නොමැති බව ඊයේ (26 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ඒ අතරින් ලංකා විදුලිබල මණ්‌ඩලය පමණක්‌ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්‌ථාවට මෙතෙක්‌ නොගෙවා ඇති ණය මුදල රුපියල් බිලියන හතළිහකි. (40 කි.) එයට අමතරව රටේ ජනතාවට ඉන්ධන සහන මිලට ලබාදීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් බිලියන තුන්සියයක පාඩුවක්‌ සිදුව තිබේ.

එම පාඩුව පියවා ගැනීම සඳහා බැංකු ණය වශයෙන් රුපියල් බිලියන 300 ක්‌ ලබා ගැනීමට ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති අතර ඒ සඳහා විශාල පොලී මුදලක්‌ ගෙවීමට ද සිදුව ඇතැයි එම මාධ්‍ය හමුවේදී හෙළි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here