ගිනියම් වූ තාච්චියක වාඩිවූ මැලේසියානු විඡ්ජාකරු මියයයි

0
776

මැලේසියාවේ ලිම් බා නැමැති විඡ්ජාකරු වසර 10 ක්‌ තිස්‌සේ ගිනියම්වූ යෝධ තාච්චියක වාඩිවී ජනතාව විස්‌මයට පත්කළේය.

ඔහු තාච්චියේ වාඩිවූ විගස ආවතේවකරුවෝ තාච්චියේ විශාල ආවරණයකින් ඔහුව වසා තාච්චියේ යට ගිනි ඇවිලවීමට ක්‍රියාකළහ.

එහෙත් පසුගියදා ඔහුගේ විඡ්ජාව වැරදුනි. විනාඩි 30 ක්‌ තාච්චියේ වාඩිවී සිටි 68 හැවිරිදි ලිමා බා වානේ ආවරණයට තදින් ගසන හඬ ඇසුනු ආවතේවකරුවෝ එය ඉවත් කළහ.

ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ අධික ලෙස පිලිස්‌සුනු ලිම් බාය. ඒ වනවිට ඔහුට හෘදයාබාධයක්‌ද හටගෙන තිබුණි.

සිය ආත්මය සහ සිරුර පිරිසිදු කිරීමේ අරමුණින් ලිම් බා දියත්කළ මෙම විඡ්ජාව ඔහුගේ මරණය ඉක්‌මන් කළේය. ලිම් බා රෝහලේදී මරුමුවට පත්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here