මහින්ද – මෛත‍්‍රී එක් කරන මෙහෙයුම සාර්ථකවීමේ ලකුණු

0
669

පළාත් පාලන මැතිවරණය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 03වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද ආරාධනා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ලිඛිතව දන්වා තිබේ.

එහිදී එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්විමක් අනිද්දා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී වන්නේ ද යන්න පිළිබද එහිදී තීරණය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here