Wednesday, September 25, 2024

මාදුරුඔය රක්‍ෂිතයේ අලි ඝාතන ‘වැලක්‌’

මහියංගන, දඹාන මාදුරුඔය රක්‌ෂිතයේ මාවරා ඇල්ල, දෙඹටන් ඇල්ල, සුද්දන්ගේ ගල ප්‍රදේශයේ වන අලියකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබියදී 23දා සවස ගම්වාසීන්ට සිරුර හමුවී ඇත. ඒ සම්බන්ධයෙන් මාදුරුඔය කලාපයේ වන ජීවී නිලධාරීන් දැනුවත් කළ බව ගම්වාසීහු පවසති. 22 දා සවස අලියාගේ මෘත ශරීරය හමු වූ ප්‍රදේශයෙන් වෙඩි හඬක්‌ ඇසුණු බවත් ගම්වාසීහු පවසති.

ආදිවාසීන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ආදිවාසී උපනායක ඌරුවරිගයේ ගුණබංඩියා ඇත්තන් ගෙන් විමසීමක්‌ කළ අතර එවිට ඔහු මෙසේ පැවසීය.

මාදුරුඔය රක්‌ෂිතය වටේම ගම් රැසක්‌ තියෙනවා. විවිධ පුද්ගලයන් රක්‌ෂිතය ඇතුළට රිංගලා කරන විවිධ අකටයුතු සඳහා අවසානයේ චෝදනා කරන්නේ ආදිවාසි අපිට. මම නිලධාරීන්ට කියනවා ආදිවාසීන් වේවා සාමාන්‍ය ජනතාව වේවා රක්‌ෂිත භූමිය තුළදී කිසියම් වැරැද්දක්‌ කර හසු වුවහොත් නිසි නීතිමය රාජකාරිය සිදුකරන්න කියලා. අපි කැලයට ආදරෙයි. අපේ උදව් ඕන වෙලාවක තියෙනවා එවැනි අපරාධකරුවන් අල්ලන්න. අපි කණ්‌ඩායම් දෙකම එකතු වෙලා මෙවැනි අපරාධ කරන පුද්ගලයන් අල්ලමු කියා. මම නිලධාරීන්ට කියනවා.

මහියංගන රජ මහා විහාරය අසල සිට සංචාරකයන් සඳහා අලි හකු, සුර, අලි දත්, මුදු අලෙවි කරනා කාන්තාවකගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඇය මෙසේ කීවාය. Ñදඹානේ අපේ පුතාලා පැණි හොයන්න කැලේ යනවා. සති ගණන් කැලේ කෑම අරගෙන ගිහින් තමයි පැණි හොයන්න යන්නේ. එහෙම යන කොට අලි ගස්‌ වලට ඇනල කැඩිලා වැටෙන දල කෑලි හම්බ වෙනවා. එහෙම හම්බ වුණාම ඒවා ගේනවා. අලි හක්‌ක එහෙම හම්බ වෙන්නේ අලි මැරුණු තැනකින් තමයි. නැත්නම් නෑ. අපි සත්තුන්ට ආදරෙයි. අපි සත්තු මරන්නේ නෑ. අපි අලිත් එක්‌ක ඉන්නේ. අපි එහෙම ජීවත් වෙන කට්‌ටියක්‌ නෙවෙයි. කොච්චර නැති බැරි කම් තිබුණත් ඒ වගේ ජරා වැඩ කරලා කන්නේ නෑ.

මියගිය අලියාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ මරණ පරීක්‌ෂණය වනජීවි අම්පාර කලාපයේ පශු වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබිණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles