ක්‍රීඩාව කියන්නේ රටක කීර්ථය රඳවා තබාගන්න පුළුවන් අපූරු නිර්ණායකයක්. රටට අභිමානයක්. රටට අභිමානයක්.
ඒත් අභිමානයට වටිනාකමක් දෙන්නේ කීයෙන් කී දෙනාද?
කෙනෙක් යම් දෙයකට දක්වන දක්ෂතාවයක් ගෙන එන්නේ උපතින්මයි. මේ ගෙන එන දක්ෂතාවය ඔප්නැංවීමට ලැබෙන අතහිත මත එම දක්ෂතාවය වර්ධනය වීම හෝ කඩාවැටීම සිදුවනවා.
වෙනත් රටකදී නම් දක්ශතාව ඇති අය සම දක්ශතාවය වෙනුවෙන් උනන්දුව දක්වන්නන්ට ලැබෙනුයේ නොමද සහයෝගයක්.ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍යය සෑම සහයෝගයක්ම ඔවුන් ඒ වෙනුවෙන් සපයනවා. ඒත් ඇත්තටම අපේ රටේ මේ දේ සිදුවෙනවාද යන්න සැමටම ඇති ප්‍රශ්නයක්.
අපි මේ කියන්න යන්නේ දක්ෂතාවය තිබ්බත් ඒ දක්ෂතාවයට වටිනාකමක් නොලැබුණු තරුණියකගේ කඳුලු කතාවක් ගැන.
මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්‍රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාව ඇයයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.පසුගිය වසර දෙක තුලම බලධාරීන් ඇයට කිසිදු පුහුණු තරගයක් හෝ ලබාදී නැහැ. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටිනවා.
නමුත් මේ වනතුරු ඇය කිසිදු සංචිතයකයක් ලැබී නැහැ.අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේද නැහැ.ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් ද ලැබෙන්නේ නැත. අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව තිබෙනවා.මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි.
එම නිසා දක්ෂතා ඇති අයගේ දක්ෂතා තවතවත් ඔප්නැංවීමට අදාළ බලධාරීන් වහා ක්‍රියාකළ යුතුයි. එසේ නැතිනම් අනාගත ක්‍රීඩාවද වලපල්ලට යාම නුදුරු දිනයකදීම සිදුවෙනු ඇත.
මේ එම ක්‍රීඩිකාවගේ කඳුලු කතාවයි.