නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත් නිකුත් කරයි

0
829

ජාත්‍යන්තර ප්‍රමිතියෙන්  යුත් නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත  (27) සිට නිකුත් කිරිම බත්තරමුල්ල සුහුරුපාය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කෙරිණි.

ඒ සමඟම වයස අවුරුදු 15 සම්පුර්ණ වු  සෑම පුරවැසියකුම වසරක්  ඇතුළත මෙම හැඳුනුම්පත ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

තීරු කේත සහිත ත්‍රෛයිභාෂා ස්මාර්ට් ජාතික හැඳුනුම්පත නිකුත්වීමත් සමඟම මෙතෙක් එකම අංකයත් සහිත හැඳුනුම්පත් දෙක බැගින් නිකුත් වීම, වංචනික ක්‍රියා, ව්‍යාජ හැඳුනුම්පත් නිකුත් කිරිමේ ජාවාරම් මුළුමනින්ම නවතිනු  ඇතැයි ද පුද්ගලයන් ලියාපදිංචි  කිරිමේ දෙපාර්තමේන්තුවේ  කොමසාරිස් ජනරාල්  වියානි ගුණතිලක මහතා පැවසීය.

අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ  සංවර්ධන ඇමැති එස්.බී.නාවින්න මහතාට  ප්‍රථම ස්මාර්ට් හැඳුනුම්පත නිකුත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here