වසර 10කට වඩා එකතැන සිටින ජාතික පාසල් ගුරුවරුන්ටත් මාරු – ඇමැති අකිල විරාඡ් කාරියවසම්

0
755

වසර 10 කට වඩා එකම පාසලේ රාජකාරී කරන ජාතික පාසල්වල ගුරුවරුන්ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 27 වැනිදා පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

වසර 10 කට වඩා එකම පාසලේ සිටි ගුරුවරුන් පිරිසක්‌ මාරු කළා. ඒ ආකාරයෙන් වසර 10 කට වඩා වැඩි කාලයක්‌ එකම පාසලේ සිටින විදුහල්පතිවරුත් මාරු කරනවා. මේ තීන්දු තීරණ ගන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වෙනුවෙනුයි.

මම කිසිවකු සමග ද්වේශ සහගතව කිසිම තීන්දුවක්‌ ගන්නේ නැහැ. අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් නොබියව තීරණ ගන්නවා. මෙවැනි තීරණ නිසා අකාර්යක්‍ෂම වී ඇති පද්ධතිය විධිමත් කරගන්නත් හැකිවේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here