Friday, September 20, 2024

ඇමේසන් ලොක්කා ලොව අංක එකේ සල්ලිකාරයා වුණේ මෙහෙමයි

ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jeff Bezos යළිත් වරක් ලොව ධනවත් පුද්ගලයින්ගේ ලැය්ස්තුවේ අංක එකට පැමිණීමට ඊයේ (27) සමත් විය. ඒ බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව 8% ක ඉහළ මිලක් සිකුරාදා දිනයේ දී ඇමේසන් සමාගමේ කොටස් සඳහා නියම වීම හේතුවෙනි.

Jeff Bezos මෙලෙසින් ලොව අංක එකේ  ධන හිමියා බවට පත්වූයේ එතෙක් එම ලැයිස්තුවේ පළමුවැනියාව සිටි මයික්‍රොසොෆ්ට් සමාගමේ ආදිකර්තෘ බිල්ගේට්ස් අභිබවමිනි.

සිකුරාදා උදෑසන කොටස් ගනුදෙනු ආරම්භ වන විට Jeff Bezos ගේ සම්පූර්ණ වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර්බිලියන 89.7 ක් ලෙසින් දැක්වුණු අතර එම අවස්ථාවේ දී බිල් ගේට්ස් ගේ සම්පූර්ණ වත්කම්වල වටිනාකම සටහන් වූයේ ඩොලර් බිලියන 90.1 ක් ලෙසිනි.

කෙසේ වෙතත් මෙදින කොටස් ගනුදෙනු අවසානයේ දි Jeff Bezos ගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 90.6 දක්වා ඉහළ ගොස්, බිල් ගේට්ස් පසු කර යාමට සමත් වී ඇත.

ඇමේසන් සමාගම විසින් මෙම වසරේ තෙවෙනි කාර්තුවේ දී ඉතා ශක්තිමත් මූල්‍ය ප්‍රතිපළ වර්ධනයක් වාර්තා කිරීම මෙලෙස සුවිශාල ලෙසින් කොටස් මිල ඉහළ යාමට බලපා තිබේ. තෙවන කාර්තුවේ දී ඩොලර් බිලියන 43.7 ක ආදායමක් වාර්තා කිරීමට ඇමේසන් සමත් වී තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles