ගීතාගේ ඉරණම විසඳෙන දවස අද

0
354

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක  ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරතුංග මහත්මිය ශේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනා පෙත්සමේ තීන්දුව අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාල නඩුව අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානතත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබුවා.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වනදින ප්රැකාශයට පත් කළා.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම විභාග කිරීම අවසන් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන එහි තීන්දුව සිසිරද ආබෘ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here