Home CIA විවිධ මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට

මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට

0
659
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි  කළමනාකාරිණිය සහ කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

මහනුවර හේවාහැට  ගාල්තැන්න පාර චන්දන කුමාර මාවතේ මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර උපාය දුතයින් යොදවා ලබාගත් තොරතුරු අනුව සොදේසි වරෙන්තු මත  එය පරික්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

එහි ඇතුළුවීමට රුපියල් 1500ක් වශයෙන් සහ ඇතුළු වූ පසු වෙන වෙනම ගාස්තු අයකරන බවත් සඳහන් වන අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය වශයෙන් පවත්වාගෙන යාමට  වෛද්‍යවරයෙකු  සිටිය යුතු වුවත් වැටලීම සිදුකරන අවස්ථාවේ වෛද්‍යවරයෙක්  නොසිටි බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here