Friday, November 15, 2024

’මාගේ කඩුවෙන් කවුරු කැපේදැයි කියන්න බෑ’

‘කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී  මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැතැයි’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පැවසීය.

ඒ අවස්ථාවේදී මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් තමා ගණන් නොගන්නා බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ (28) පෙරවරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය ප‍්‍රතිඥාව දීමේ උත්සවයේදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ප‍්‍රතිඥාව දුන් අතර මේ අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 32ක නායකයෝ හා ක‍්‍රියාකාරීහු සහභාගී වූහ.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.මට අවශ්‍ය වන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මා ප‍්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරි ගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් මේ වැඬේ පටන් ගත්තම ඒක කරන්න පුළුවන්. හෘද සාක්ෂිය හොඳ සාක්ෂියක් කර ගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩු ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගනිමු. වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති රටක් වෙනුවෙන් සියලූ දෙනා අධ්‍යාත්මික දර්ශනය අනුව කැපවෙමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles