මුහුදේ නාන්න ගිය විදේශිකයෝ දෙදෙනෙක් මරුට

0
703

හබරාදුව කොග්ගල සහ තල්පේදී අද දවල් මුහුදේ නාමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

කොග්ගල මුහුදේ නාමින් සිටි 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක මුහුදේ නාමින් සිටින විට රල පහරකට හසුවී ගසා ගෙන යන විට ජීවිතාරක්ෂක භටයින් විසින් එම කාන්තාව බේරා ගෙන රෝහල් ගත කර තිබේ. නමුත් ඇය මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

තල්පෙ මුහුදේ නාමින් සිටි 53 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකුද රල පහරකට හසුවී ගසා ගෙන යන විට ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබ  රෝහල්ගතකර ඇතත් එම විදේශිකයාද මිය ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

මිය ගිය විදේශිකයින්ගේ මරණ පරික්ෂණ කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here