ලක්ෂ 10 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

0
653

රුපියල් ලක්ෂ 10 ට අධික වටින මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන්  තිදෙනෙක්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කඩවත පිටවීමේ  පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ජාවාරම්කරුවන් පිරිසක් මත්ද්‍රව්‍ය  තොගයක් රැගෙන ගාල්ල දෙස සිට මෝටර් රථයකින්  කඩවත පිවිසුම වෙත පැමිණෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අධිවේගී පිවිසුමේ රැකවල්ලා සිට  කඩවත පිවිසුමේ දී මෙම මෝටර් රථය නවත්වා ගත් බවද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් මෝටර් රථය නවතා පරික්ෂා කිරීමේ දී එහි ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයකු සතුව තිබී පාර්සලයක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කඩවත, මරදාන හා වත්තල පදිංචිකරුවෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here