ජනාධිපතිවරණයක දී අගමැති ප්‍රමුඛ අලියා පැරදවීමේ සිහිනය ගැන අලුත්ගමගේ කියයි

0
530
2018 පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු ජනාධිපති සටන ආරම්භ වන බවත් අනාගතයේ දී අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පරාජය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සෑදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ ආරම්භයේ දී සුළු උදාසීන ස්වභාවයක් පක්ෂය තුළ පැවතිය නමුත් අද වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඉහළින්ම සිටින බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් ගම්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් අද වන විට කලකිරී ඇති බවත් එනිසා ඔවුන් ඡන්ද පොළ වෙත නොයන තත්ත්වයක් උදා වී ඇති බැවින් ඡන්ද ජයග්‍රහණය නිසැකයෙන්ම පොහොට්ටුවට හිමිවන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here