Sunday, November 17, 2024

ජෝන් ද සිල්වා සමරු රඟහල ගැන ජනපතිගෙන් සහතිකයක්

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අදාළ රඟහල කඩිනමින් නවීකරණය කර කලාකරුවන්ට ලබාදෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඒ පිළිබදව කලාකරුවන් දැනුවක් කරන ලෙස ද ජනාධිපති සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානමක් පවතින බවට මාධ්‍ය වාර්තා පල වී තිබිණි.
ඒ පිළිබදව කලාකරුවන් අතරින් ද විවිධ සංවාද ගොඩනැගුණු අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ සහ ප්‍රේක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින් කඩිනමින් නවීකරණය කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles