ගෝටාභය රාජපක්‍ෂ හෙට හෝ අනිද්දා අත්අඩංගුවට..

0
1085

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාවන් එල්ල කරමින් හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර ලසත්ත වික‍්‍රමතුංගගේ වැඩිමහළු සහෝදරයා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් මෙම ඝාතනය සිදු කලේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපති යයි සදහන් කර ඇතැයිද ඔහු කීවේය.

එමෙන්ම හිටපු එජාප ඇමති ජෝෂප් මයිකල් පෙරේරා විසින්ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් ලසන්ත ඝාතනය කල බව බවත්, එවකට විපක්‍ෂ නායක රනිල්වික‍්‍රමසිංහ මහතාත කියා සිටියේ ලසන්ත ඝාතනය කලේ සරත් ෆොන්සේකා විසින් යයි පාර්ලිමේන්තුවේදී කී බවද ඔහු සදහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here