රනිල් පන්නන කැරැල්ල බුරබුරා ඇවිලේ.. නුගේගොඩ එජාප ප‍්‍රබලයාගේ නිවසේ මැති ඇමති තොගයක් කදවුරු බදී..

0
876

එජාප නායකත්වයෙන් හා අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර දැමීම සදහා එම පක්‍ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් ආරම්භ වී තිබේ.

මේ වෙනුවෙන් වූ සාකච්චා වට කිහිපයක්ම එජාප ප‍්‍රබලයෙකුගේ නුගේගොඩ පිහිටි නිවසේදී පවත්වා ඇති අතර ඒ සදහා නියෝජ්‍ය ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිපිහ දෙනෙකුම සම්බන්ධ වී ඇත.

මෙම රහස් සාකච්චා සම්බන්දයෙන් අගමැතිවරයාටද දැන ගැනී්මට ලැබී ඇති අතර අගමතිට හිතවත් මන්ත‍්‍රීවරයෙකුටද කැරැුල්ලට එක්වන්නැයි කරන ලද ආරාධනාව අගමැතිවරයාටද ඇසීමට ලැබී ඇති බවද දැනගන්නට තිබේ.

ජනමතයට සමිප වැඩපිලිවෙලක් නැති වීම හා කැබිනට් මණ්ල සංශෝදනය සාධනීය නොවීම හේතුවෙන් එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here