Tuesday, November 5, 2024

කිලිනොච්චියේ අනවසර වැලි ගොඩ දැමීම වැඩිවෙලා

කිලිනොච්චිය හා යාපනය අතර මහා මාර්ගයේ මදක් ඈතට වන්නට අනවසරයෙන් වැලි ගොඩ දැමීම වැඩි වී ඇතැයි එම පළාත්වල ප්‍රාදේශීය සභා නියෝජිතයෝ පවසයි.
පොලීසිය විසින් වැලි ගොඩ දමන හා ප්‍රවාහනය කරන පිරිස් නිරන්තරයෙන්ම අත්අඩංගුවට ගන්නා ලද නමුත් රාත්‍රී කාලයට හා අළුයම් කාලයට එම ප්‍රදේශවල වැලි ගොඩ දැමීම මෙතෙක් නතර වී නොමැති බව ප්‍රාදේශීය සභා නියෝජිතයෝ කියා සිටිති.
යුද්ධයෙන් විපතට පත් වැසියන් සඳහා මේ දිනවල ස්ථිර නිවාස ඉදි කෙරෙන අතර ඒ කටයුතු සඳහා වැලි ප්‍රවාහනය කිරීමේදී ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සහනදායි වැඩ පිළිවෙලක් කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කොට තිබේ.
පොලීසිය හා සෙසු රජයේ නිලධාරීන් නොමඟ යවමින් වැලි ජාවාරම්කරුවන් වැලි ගොඩ දැමීම හා ප්‍රවාහනය කරනු ලබන්නේ යළි පදිංචි කළ වැසියන්ට ලබා දී ඇති ලියකියවිලි ඉදිරිපත් කරමින් බව කිළිනොච්චියේ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ කියා පවසයි.
කෙසේ වෙතත් මේ වැලි ගොඩ දැමීමේ ප්‍රශ්නය නිසා එම මාර්ගයෙන් ඇතුළත පිහිටි ඉඩම් විශාල වළවල් බවට පත් වී ඇති බව කිළිනොච්චිය ප්‍රාදේශීය සභා නියෝජිතයෝ පෙන්වා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles