වියානා ඇ‍ළට වැටී අතුරුදන් වු උපකාරක පන්ති ගුරුවරයා තවමත් හමුවී නැහැ-මරණය අභිරහසක්?

0
695
මහියංගන මාපාකඩ  17 කනුවට නුදුරින් වියානා ඇළට ඊයේ(26) අළුයම සුඛෝපබෝගී ජීප් රථයක් වැටි අතුරුදන්වු බවට සැකකරන පුද්ගලයා පිළිබඳව මේ දක්වා කිසිම තොරතුරක් නැතැයි මහියංගනය පොලිසිය පවසයි.
මෙම ජීප්රථය ඇළට වැටෙන්නට ඇතැයි සැකකරන ස්ථානයේ සිටි මීටර් 500 ක් පමණ පහලට ගසාගෙන ගොස් තිබිණ.
පොලිසිය  මාපාකඩ වැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිළධාරින් හා ප්‍ර‍දේශවාසින් එකව ගොඩ ගත් නමුත් එහි ගමන් කල බව කියන පොලො‍න්නරුව හිගුරක්ගොඩ පදිචිව සිටි උපකාරක පන්ති ගුරුවරයෙක් වන විතානාගේ ප්‍රභාත් වසන්ත(34) නමැති එක්දරු පියා සොයා සිද්ධිය වුදා සිට අද(27) දා රාත්‍රී දක්වා සෝදසි මෙහෙයුමක්  දියත් කෙරිණි.
මේ සඳහා නාවික කිමිඳුම්කරුවන් හා ප්‍රදේශවාසින් එකව සිටියහ මහවැලි අන්තර් නිම්න ඇළ මාර්ගය දිගේ දියබානා ජලාශය දක්වා මේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලීසිය සඳහන් කළේය.
මීට පෙර  මෑතකදි මෙම ස්ථානයෙන වාහන පෙරලී 6 දෙනෙකු මියගොස් ඇති අතර පැය 24 ක් තුළ ඔවුන්ගේ මෘතදේහය දියමත පාවු බව  ප්‍රදේශවාසිහු පවසති.
මේ අනුව මෙම පුද්ගලයාගේ අතුරුදන්වීම පිළිබඳව තවමත් ස්ථිර නිගමයනකට පැමිණිමට නොහැකි බවත් මේ පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක් යොදවා අංශ කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවත් බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතා පැවසීය.
සිද්ධියවු දා අළුයම් කාලයේ මෙම මාර්ගයේ ධාවනය වු වාහන පිළිබඳව මාර්ගය දෙපස ඇති වෙළඳසැල් හා නිවාසවල ඇති ආරක්ෂක කැමරා දර්ශන ‍පරික්ෂා කිරිමටද පියවර ගත් බව පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here