Monday, November 25, 2024

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශ කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ ගාල්ල ක්‍රිඩා මණ්ඩපය ඉදි කෙරුණූ අතර පසුව  මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය ලෙස නම් කෙරුණි.
දකුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පැවැත්වීමට කොග්ගල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිකිරීමේ කටයුතු ඇරඹුණේද ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස සිටියදී බව නිගරික සංවර්ධන අධිකාරිය රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
ගාලු කොටුව ලෝක උරුමයට හානියක් වන මහිනද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය කඩා ඉවත් කිරීමට මීට පෙර යෝජනා කෙරුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම ඊට යොදා තිබීම නිසා එය  වැලැක්වීම බවද එම වාරතාවේ සඳහන්ය.
ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කර ගැනීමට නම් අදාළ මණ්ඩපය සම්පුර්ණයෙන් කඩා ඉවත් කළ යුතු බව යුනෙස්කෝ සංවිධාවය ද රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles