බෙන්තර සහ ගෝල්ඩන් මයිල් වල සංචාරක හෝටල් 7 වැහිලා

0
561

සංචාරක  ව්‍යාපාරයේ සියයට 12  ක වර්ධනයක් තියෙන බව ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කළත් බෙන්තර සහ ගෝල්ඩන් මයිල් සංචාරක  පුරවරයේ ප‍්‍රධාන හෝටල් 14 න් හතක් මේ වන විට වසා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

ආණ්ඩුව සියයට 12 ක වර්ධනය කියන්නේ පැමිණි සංචාරකයින් ගණන අනුව යැයි කී නිශාන්ත මහතා එයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් සංචාරක වීසා මත පැමිණි නමුත් ඔවුන් සංචාරක වීසා මත පැමිණෙන්නේ කම්කරුවන් ලෙස වැඩ කරන්නට යැයි ද කීය.

රොටි කාලා ප්ලේන්ටි බොන සංචාරකයින් ගේන්නේ නැතැයි රනිල් මහතා කියු බවත්  යුරෝ ඩොලර් අතපත ගාන සංචාරකින් පමණක් ගෙන්වන බවත් කියමින් කර ඇත්තේ මෙවැනි කටයුතු යැයි කියා සිටියේය.

බෙන්තර හා ගෝල්ඩන් මයිල් සංචාරක කලාපවල හෝටල් කාමර 500 ක් මේ වනවිට වැසී තිබීමෙන් රුපියල් ඩොලර් බිලියන 2.7ක පාඩුවක් සිදුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

පියල් නිශාන්ත මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here