මැති සබේ මන්ත්‍රීවරුන්ගේ කෑ ගැසීම ගැන මුලසුනට පැමිණිල්ලක්

0
645

මැතිසබයේ කෑකෝ ගැසීම් නිසා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තරදීම අමාරු යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(11) මුලසුනට පැමිණිලි කළේය.
ඒ ඇමතිවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට උත්තර දෙමින් සිටි අවස්ථාවේදීය.
මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ තැන තැන රැඳි සිටිමින් කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙසේ කීය.
‘ඔය මන්ත්‍රීවරු තමන්ගේ ආසනවලට යන්න. කෑකෝ ගහන්න එපා’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here