නව අගවිනිසුරු සම්බන්ධ තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

0
559

නව අගවිනිසුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(12) උදෑසන රැස්වන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(11) පැවැසීය.
වර්තමාන අගවිනිසුරුවරයා හෙට විශ්‍රාම යන බවද කතානායකවරයා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන් අද පත් කර අවසන් කෙරුණු බව කී කතානායකවරයා එම සභාවේ අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කර ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
කතානායකවරයා මේ බව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් පත්කිරීමේ යෝජනාව අද මැතිසබයේදී සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here