පිටවෙන්නැයි නියෝග

0
826

රාජ්‍ය නොවන සංවිධාන 18කට රටින් පිටව යන්නැයි පකිස්ථාන රජය නිවේදනය කර තිබේ.

ඒ, එම සංවිධානවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මානව හිමිකම් කඩ වන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

අධ්‍යාපන ප්‍රවර්ධනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන 18කට එලෙස රටින් පිට වන්නැයි නියෝග කළ බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙම තීරණය හෙළා දකිමින් ඇතැම් සංවිධාන පවසන්නේ, එය සිවිල් සංවිධානවල සහ මානව හිමිකම් සම්බන්ධ ආයතනවල අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here