වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සහ තොග සඟවා තබාගෙන විකිණීම ප්රතික්ෂේප කරන පුද්ගලයන් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එසේම, මේ සම්බන්ධයෙන් තම දිස්ත්රික් කාර්යාල වෙත පැමිණිලි කිරීමටද අවස්ථාව පවතින බව එම අධිකාරිය පවසයි.
මේ අතර, අදාළ ගෑස් සමාගම් සමග සාකච්ඡා කළ බවත්, ඉදිරි දින කිහිපය තුළ ගෑස් හිඟය පහව යනු ඇතැයිද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.