අන්තවාදයට හා ත්‍රස්තවාදයට ඉඩක් නෑ-ගෝඨාභය

0
794

තම පාලන කාලයක් තුළ නැවත අන්තවාදය සහ ත්‍රස්තවාදය ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (31) පස්වරුවේ මුස්ලිම් විද්වතුන් හා ව්‍යාපාරිකයින් අතර පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික මුස්ලිම් එකමුතුව සංවිධාන කළ “ද ටර්නින්ග් පොයින්ට්” සම්මන්ත්‍රණය ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදි පැවැත් විය.

ඊට මුස්ලිම් විද්වතුන් මෙන්ම ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here