නීති විරෝධී ක්‍රියාවන්ගේ නිරත වන සියලුදෙනා විනාශකර රට තුළ විනයක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ පස්වරුවේ පිළියන්දල පැවති ජනරැලියක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ පිළියන්ලදී පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“අපි ත්‍රස්තවාදියෝ, මිනී මරුවෝ, කුඩු ජාවාරම්කාරයෝ, ළමා අපචාරකරුවන්, ස්ත්‍රී දූෂකයින් විනාශ කරනවා.
රට තුළ විනයක් ඇති කර, මහත්මා ගුණාංගවලින් මනුස්සකම රජයන ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරමු.”