මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි – මංගල

0
735

මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් සහ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට නීතිපති උපදෙස් ලැබී ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැති ඇතැමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි පැවසුව ද සනාථ නොකළ ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් මෙම ගිවිසුම නීත්‍යානුකූල වන්නේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බවට එම ගිවිසුමේ සඳහන් වන බවද මංගල සමරවීර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here