Monday, October 7, 2024

මිලේනියම් ගිවිසුමට ජනාධිපතිවරණය තෙක් විරාමයක් – චම්පික රණවක

ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්  ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන  බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ  උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු  පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමේ කිසිදු අවශ්‍යතායවයක් රජයට නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා එහි  අඩංගු කරුණු ජනතාවට නිරීක්ෂනය කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළේය.

පොහොට්ටුවේ පිරිස් පවසන පරිදි ඇමෙරිකානු සෙබලු ගොඩබස්සන, ඇමෙරිකානු ඉඩම් ලබාදීමක් වෙනුවට ජනතාවගේ මාර්ග පද්ධතිය දියුණුවෙන රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා මෙම මුදල් යොදවන බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුමෙන් රටේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නොවෙන බවත් ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලු අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles