නික්ම යන ජනපති සතුටු වූ කරුණ ගැන කියයි

0
793

කලාකරුවන්ට විශ්‍රම වැටුපක් හිමිකර දීම ඇතුළු  ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් සුවි‍ශේෂී වැඩපිලිවෙලක්  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගායක ගායිකාවනගේ සංගමයෙන් ජනාධිපතිතුමාට උපහාර පුද කළා.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උපහාර පුද කරමින් සංවිධාන කළ විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ඉකුත් පස් වසර පුරා ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිලිවෙල රටේ කලාකරුවන්ට මහත් ශක්තියක් වූ බව ගායක ගායිකාවන් එහිදී පෙන්වා දුන්නා. කලාකාමී සහ මානව හිතවාදී නායකයකු ලෙස ජනාධිපතිතුමා කලාකරුවන් වෙනුවෙන් ඉටු කළ මෙහෙවරට සිය කෘතවේදීත්වය පළ කරමින් එහිදී  සමරු තිළිණයක් ප්‍රදානය කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ සියලු ජනතාව සාමයෙන් සමගියෙන් සහ සහෝදරත්වයෙන් ජීවත් වන මානව හිතවාදී රටක් ගොඩනැගෙනුයේ කලාකාමී සමාජයක් තුළින් බවයි. පූර්ණකාලීනව වසර 52 කට ආසන්න සිය දේශපාලන ජීවිතය තුළ මෙන්ම තම ජීවිත කාලය තුළ වඩාත් සතුටට පත්වන කරුණ වන්නේ මතු පරපුර මත්උවදුරෙන් ගලවා ගැනීමට තමා ගෙන ගිය වැඩපිලිවෙල බව ජනාධිපතිතුමා සිහිපත් කළා. ඉදිරියෙදී එය සාර්ථක කර ගැනීමට සමස්ත කලාකරුවන්ගෙන් සහාය ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා තවදුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here