Tuesday, October 8, 2024

එදා චන්ද්‍රිකා ගන්න ග්‍රී.ල.නි.ප. ප්‍රබලයෝ විරුද්ධ වුණා – එස්.බී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

සිය මැණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ අවස්ථාවේදි, තම සැමියා වන විජය කුමාරතුංග, පක්ෂයේ මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක, පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටි.බි.ඉලංගරත්න යන මහත්වරුන් සමඟ පක්ෂයෙන් ඉවත් වී ශ්‍රි ලංකා මහජන පක්ෂය නිර්මාණය කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා ,

” එතුමිය අස් කරාට පස්සේ මැතිනියට ලංවුනේ අනුර බණ්ඩාරනායක මැතිතුමා. අනුර මැතිනිය එලවලා බොහොම ඉක්මනින් පක්ෂය අතට ගන්න කටයුතු කරන වෙලාවෙ මට සිද්දවුනා ආපහු චන්ද්‍රිකා එංගලන්තයේ ඉදන් එක්කගෙන ඇවිල්ලා කොහොම හරි මැතිනියට ලං කරලා චන්ද්‍රිකාව නැවත පක්ෂයට ගන්න. ඒ මැතිනියගේ සහ පක්ෂයේ ආරක්ෂාවට.

මට මතකයී මමයි, මංගල සමරවීරයී, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ යී, අලවි මවුලානයී මැතිනිය එක්ක සියක් වතාවක් සාකච්චා කරන්න ඇති චන්ද්‍රිකා මැතිනිය ගන්න. හැබැයී ඒ එක වෙලාවකවත් චන්ද්‍රිකා මැතිනිය ගන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එකඟ වුනේ නෑ.අවසානයේ අපි කියල කියලා මැතිනිය එකඟ කර ගත්තම නුවරඑළිය නිල නිවාසය වෙන්කරගෙන චන්ද්‍රිකා මැතිණය සමග දින දෙකක් සාකච්චා කරන්න යොදාගන්න උපදෙස් දුන්නා. එම රැස්වීමට ලක්ෂ්මන් ජයකොඩි.කේ.බි.රත්නායක .ධර්මසිරි සේනානායක .දි.මු ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ හා රිචඩ් පතිරණ මැතිතුමන්ලාට ඒ සාකච්චාවට එන්න කියන්න කිව්වා.

මැතිනිය මගේ බිරිඳ තමරා ත් එක්ක එදා උදෙන්ම නුවරඑළිය ට ගියා.මංගල මගෙත් එක්ක නුවරඑළියට ගියා. අපි ආරාධනා කරපු එක්කෙනෙක්වත් ඒ සාකච්ඡාවට ආවේ නෑ.ඒ ආවේ නැත්තේ ඒ සියළුදෙනාගේම තදබල විරෝධයක් තිබුනා චන්ද්‍රිකා මැතිනිය නැවත පක්ෂයට ගැනීම සම්බන්ධව. හැබැයි මට තේරිච්ච දේශපාලනය තමයි චන්ද්‍රිකා මැතිනිය අරගෙන ඒ හරහා අනුරගේ බලය අඩු කරලා ඒ තුලින් මැතිනිය  ශක්තිමත් කරලා ඊලග මැතිවරණ දිනවන්න වමේ දේශපාලන ශක්තිය ගොඩනගන්න පුළුවන් කියන එක.

ඒ අනුව කටයුතු කලා ඒ උපාය සාර්ථක වුනා.අපි පොදුජන එක්සත් පෙරමුණ හැදුවා ඒතුලි චන්ද්‍රිකා මැතිනිය මහ ඇමතිනිය. අගමැතිනිය.ජනාධිපතිනිය කලා.හැබැයී බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා මැතිනිය අරගෙන අත්තනගල්ල සංවිධායක දුන්නා හැරෙන්න වෙන කිසම තනතුරක් දුන්නෑ. ඒ වගේම මහඇමති කරන්න හදනකොට අපි ඒකට තදින්ම විරුද්ධව වුනා.ඇතුලත් මුදලි  ගාතනය විම නිසා අපිට චන්ද්‍රිකා මැතිනිය මතුකරලා ගන්න පුළුවන් වුනා.

ඇත්තටම ඉතිහාසයේ චන්ද්‍රිකා මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත් එතුමියගේ මැණියන් වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත්. එතුමියගේම සහෝදරයා වු අනුර බණ්ඩාරනායක මහතාටත් හා සහෝදරිය වු සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනියටත් පුදුම විදියට හතුරුකම් කරපු කාන්තාවක්. ඒ නිසා මම පුදුම වෙන්නෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ වෙලාවේ නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ඔය කරන දේ ගැන.

හැබැයී දැන් එතුමිය අවලංගු කාසියක්.එතුමිය අවලංගු කරේ ලංකාවේ වෙන කොහෙවත් නෙමෙයි හොරගොල්ලේ එතුමියගේ ඡන්ද පෙට්ටියේ එතුමිය වෙනුවෙන් ඡන්ද 8 යි නැත්නම් 11යි  වැටිලා තිබ්බේ.ඒක තමයී එතුමියගේ අවලංගු බාවයේ සීල් එක. ඒ අවස්ථාවේදි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් තම දියණිය වුවත් චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පක්ෂයෙන් ඉවත් කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles