Monday, September 23, 2024

කොළඹ වායු දූෂණය ඉහළට

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කරන ලද ගණනය කිරීම්වලට අනුව කොළඹ නගරයේ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වායු දූෂණය ගණනය කිරීමේ ක්‍රමවේදයට අනුව වාතයේ ගුණාත්මක බව ‘වායූ ඝණ මීටරයකට අංශු මයික්‍රොග්‍රෑම්’ 0ත් 50ත් අතර විය යුතු නමුත් කොළඹ නගරයේ අද (6) පෙරවරුවේ එම අගය 172ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කෙසේ නමුත් පස්වරු 5 වනවිට එම අගය 107ක් දක්වා අඩු වී තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ ආයතනයේ ‘වාතයේ පිරිසුදු බව (ගුණාත්මක බව) මැන බැලීමේ දර්ශකයට’ අනුව එම ගණනය කිරීම් සිදු කරයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ කොල්කටා, පාකිස්තානයේ ලාහෝර් ආදී ආසියාවේ නගර රැසක වායූ දූෂණය ඉහළ ගොස් ඇති අතර බොහෝ නගර මීදුම් වළාවක් වැනි විස වායු වළාවලින් වැසී ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් වාතයේ ගුණාත්මක බව ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් ගණනය කිරීම් කරන අතර එම රටවලට අයත් තානාපති කාර්යාල ද එම ගණනය කිරීම සිදු කරයි.

වාතයේ පිරිසුදු බව මනින ඇමෙරිකානු දර්ශකයට අනුව දර්ශකයට අනුව ‘වායූ ඝණ මීටරයකට අංශු මයික්‍රොග්‍රෑම්’ 100ත් 150ත් අතර අගය සංවේදී (විවිධ රෝගාබාධ ඇති) පිරිස්වල සෞඛ්‍යයට හිතකර නොවේ. එම දර්ශකයට අනුව ‘වායූ ඝණ මීටරයකට අංශු මයික්‍රොග්‍රෑම්’ 150ත් 200ත් අතර අගය සෞඛ්‍යයට අහිතකර වන අතර ‘වායූ ඝණ මීටරයකට අංශු මයික්‍රොග්‍රෑම්’ 201ත් 300ත් අතර අගය සෞඛ්‍යයට කිසිසේත් හිතකර නොවන අගයයි. එම අගය ‘වායූ ඝණ මීටරයකට අංශු මයික්‍රොග්‍රෑම්’ 301ත් 500ත් අතර නම් උපද්‍රව සහිත ඉතාමත් අවදානම් තත්ත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles