මහින්ද නැවතත් අගමැති

0
496

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම්දීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත්වන තුන්වැනි අවස්ථාව මෙය වේ.

නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අද දිනයේදීම සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය අද දිනයේ හෝ හෙට දිනයේ පත්කිරීමට නියමිතය.

සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නව ආණ්ඩුවක් පත් කර ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා පැවැති සාකච්ඡාවේ දී දැනුම්දී තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) නිවේදනය කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here