ඇමතිවරුන්ට හිතුමතේ ප්‍රධානීන් බෑ. ජනපතිගෙන් කමිටුවක්

0
386

සංස්ථා, මණ්ඩල සහ සෙසු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ පත්වීම් අනුමත කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ලලිත් වීරතුංග, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රකට ව්‍යවසායකයෙකු වන සුසන්ත රත්නායක සහ ප්‍රකට පරිපාලකයෙකු ඩයන් ගෝමස් මෙම සිව්පුද්ගල කමිටුවේ සාමාජිකයින් වෙයි.

සංස්ථා මණ්ඩල සහ සෙසු රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයෙන් මුදවා කාර්යක්ෂම ආයතන ලෙස ශක්තිමත් කළ යුතු බවයි නව කැබිනට් මණ්ඩලය ඉකුත් දා දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ. ඒ සඳහා නිපුණතා සහිත සුදුසු තැනැත්තන් ආයතන ප්‍රධානීන් ලෙස පත් කළ යුතු බව ද, අදාළ පත්කිරීම් විද්වත් කමිටුවක් හරහා සිදුකරන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. ඉහත සිව් පුද්ගල කමිටුව පත්කරනු ලැබ ඇත්තේ ද ඒ අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here