Saturday, September 21, 2024

රාජ්‍ය නිලධාරීන්ගේ FCID භීතිය අගමැති නැති කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් හා බුද්ධ ශාසන යන අමාත්‍යංශවලදී සිය රාජකාරි ආරම්භ කළේය.

මුදල් අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිය නිලධාරින් අමතමින් කියා සිටියේ ඉදිරියේදි පනත් මගින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා 26 පෙරවරුවේ එම අමාත්‍යංශයේදි සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ආර්ථික වර්ධන වේගය අවම මට්ටමේ. සංචාරක ක්ෂේත්‍රයත් පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණා. රජයේ ණය බරතාවය සියයට සියයකට කිට්ටු වෙලා. රුපියලේ පිරිහීම නිසාම. රජයේ ණය බරතාවයට රු.බි.1760 ක් එකතු වෙලා

බැඳුම්කර වංචාව සිදු කරලා. වසන් කරන්න සියලුදේ කරලා. FCID වැනි ආයතන මගින්. රාජ්‍ය නිලධාරීන් තීරණ නොගන්න තත්ත්වයට පත් කළ නිසා. රාජ්‍ය සේවයම අකර්මන්‍ය වෙලා

ඒ රජයට ජනතාව පණිවිඩයක් දුන්න ජනාධිපතිවරණයේදි. ඒ දූෂිත රජය පරාජයට පත් කළා. මගේ 2005 -2014  රජය වගේමගෝඨාභය රාජපක්ෂගේ රජයත්. කිසි විටෙක දුන් පොරොන්දු කඩ කරන්නේ නැහැ. අපි කියන දේ කරනවා

FCID ගෙනියයි කියලා හැමෝම බයයි. සත්භාවයෙන් කරන ක්‍රියාවලදී. පනතකින් ආරක්ෂා කරන්න වැඩ කරනවා“

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයංශයේදිත් සිය ධූරයේ වැඩ ඇරඹුවේය.

එහිදිත් මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles