Saturday, September 21, 2024

ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලියා දැඩි මෙහෙයුමකින් ගොඩ

මාදුරුඔය ඉසෙඩ් .ඩ්  ප‍්‍රධාන ඇළට වෙහෙරගල ප‍්‍රදේශයෙන් අද  (28)  වෙනිදා අලූයම වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධාරින් පිරිසක් විසින් ක‍්‍රියාත්මක කල පැය හතරක මෙහෙයුමකින් අනතුරුව ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට පළවා හැරිමට කටයුතු කලහ.

වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුලූ වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් ක‍්‍රියාත්මක කල මෙම මෙහෙයුමට ප‍්‍රදේශවාසින්ගෙද සහාය හිමිවිය.

ඉසෙඩ්.ඩි ප‍්‍රධාන ඇළට වෙහෙරගල ප‍්‍රදේශයෙන් වැටි ඇති මෙම අලියා කිලෝමිටර් හතරක්  පමණ ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ඇති බවත් ටයර් සහ කඹ , යකඩ දම්වැල් ආධාරයෙන් එම අලියා අලූත්ඔය ප‍්‍රදේශයෙන් ගොඩගත් බව වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා අප කළ  විමසිමකදි සඳහන් කළේය.

අලියාගේ වයස අවුරුදු 35ක් පමණ වන බවත් අද අලූයම  ඉසඩ්.ඩී ඇළට වැටි සිටි මෙම අලියා දුටු ප‍්‍රදේශවාසින් අරලගංවිල පොලීසියට දැනුම් දි ඇති අතර අනතුරුව තමන් ඇතුලූ වනජිවි නිලධාරින් එම අලියා ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කල බවද ශාන්ත මහතා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles