Saturday, September 21, 2024

ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනට වත්මන් රජයේ ආශිර්වාදය අඛණ්ඩවම

ග්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා වත්මන් රජය යටතේද අඛණ්ඩවම එහි සභාපති ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇති බවට CIA වෙත තොරතුරු වාර්තා වෙයි.

මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේද පූර්ණ ආශිර්වාදය ලැබී ඇත.

ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම කටයුතු කරනු ඇති බවට හිටපු විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට හිතවාදී සමාජ ජාලා මගින් බොරු ප්‍රචාරය පතුරවමින් තිබුණත්, සත්‍ය ලෙසම සිරිසේන මහතාට කිසිදු ගැටලුවකින් තොරව, කිසිදු පාර්ශවයක විරෝධයක් නොමැතිව තවදුරටත් ටෙලිකොම් සභාපති ලෙස ඔහු ක්‍රියාත්ම කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ අවස්ථාව හිමිවී තිබේ.‍

තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේද කැමැත්ත ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා දිගටම එහි  කටයුතු කිරීම බව වැඩිදුරටත් වාර්තා වෙයි.

කුමාරසිංහ සිරිසේන මහතා ඉකුත් කාලය තුළ ටෙලිකොම් සභාපති ලෙස ආයතනය උසස් තත්ත්වයට පත් කිරීමට පියවර රාශියක් ගත් අතර ඒ තුළින් ටෙලිකොම් පාරිභෝගිකයින්ට මෙන්ම ආයතනයේ සේවකයින්ටද එහි ප්‍රතිලාභ හිමි විය.

ග්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආකාර්ශනීය තලයකට ගෙන ඒම තුළ විදුලි සංදේශ ක්ෂේත්‍රෙයේ දේශීය ප්‍රමුඛ ආයතනය බවට පත් වීමට හැකියාව ලැබුණේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ විශිෂ්ට පරිපාලන කුසලතාවය හා කැපවීම නිසාය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles