සංසුන් සමාජය බෝහෝ භීතයට පත් කිරීමක්. සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

0
736

 

ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කළු පැල්ලමක් බවත්, එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අප රට කෙරෙහි එල්ලවන්නක් බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  සජිත් ප්‍රේමදාස  පවසයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන්නේ  අද (30) දින විශේෂ නිවේදනයක් නිකුත්කරමින්ය.

කීර්තිමත් ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව පලිගැනීමේ රාජ්‍ය හස්තය එල්ලවී තිබෙන බවද ඔහු එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙත දැනටමත් පීඩන එල්ල වී ඇති අතර එය අප විසින් දිනා දුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමක් බවද ප්‍රේමදාස මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් කියා සිටියි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here