Tuesday, September 24, 2024

තුනෙන් දෙකේ බලය ලැබුණොත් 19 ට අබ සරණයි

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් යැයි ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා තිබේ.

එම සම්මුඛ සාකච්ඡාවේදී එම කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අසමත්.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් අපි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථකව කළ හැක්කේ සහෝදරවරුන් දෙදෙනකුට පමණයි (සිනාසෙයි). රටක් සාර්ථකව පාලනය කරන්න නම් ස්ථාවරත්වය අවශ්‍යයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී එහෙම වුණේ නැහැ. ඔවුන් හැම තිස්සෙම ගැටුම් ඇති කරගත්තා. කිසිදු සංවර්ධනයක් වුණේ නැහැ. ස්ථාවරත්වය නැති නම් ආයෝජකයන් එන්නේ නැහැ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොරොන්දු වූ පූර්ණ බලතල ක්‍රියාත්මක කරන්න බැහැ. එය බහුතර ප්‍රජාවගේ, සිංහල ජනතාවගේ කැමැත්තට, ඔවුන්ගේ හැඟීම්වලට විරුද්ධයි. උතුර සංවර්ධනය කරන්න කිසිදු සිංහලයෙක් විරුද්ධ වෙන්නේ නැහැ. රැකියා දෙනවාට විරුද්ධ නැහැ. එහෙත් දේශපාලන ප්‍රශ්න වෙනස්.

පොලිස් බලතල වගේ ඒවා හැරෙන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කොටස් දැනටමත් ක්‍රියාත්මකයි. පොලිස් බලතල වගේ ඒවා අපට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒවාට තිබෙන විකල්ප ගැන කතා කරන්න මම කැමැතියි.” යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles