Tuesday, September 24, 2024

ස්මාට් දුරකතනය ලංකාවේ ඒඩ්ස් ඉහළ දමයි

ලෝක එච්අයිවී ඒඩ්ස් ආසාදිත සංඛ්‍යාව අඩුවෙද්දී ලංකාවේ ස්මාට් ජංගම දුරකතන භාවිත කරන තරුණ පරපුර අතර එච්අයිවී ආසදිතයන් වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්නද ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.

දෙසැම්බර් 01 දිනට යෙදී තිබුණු ලෝක ඒඞ්ස් දින සැමරුම් උත්සවයට අද (03දා) රත්නපුර මහ රෝහල් ශ්‍රවණාගාරයේදී එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.

“2030 දී ඒඩ්ස් රෝගය ලෝකයෙන් තුරන් කිරිම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කයයි. ලංකාවෙන් ඒඩ්ස් ආසාදිතයන්ගෙන් 2025දී තුරන්කිරිම අරමුණයි. නමුත් ලෝකයේ ඒඩ්ස් හා එච්අයිවී ආසාදිතයන්ගේ ප්‍රමාණය පහළ යද්දී ලංකාවේ එම ප්‍රමාණය ඉහළ යනවා.

වර්තමානයේ ඒඩ්ස් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යාමට ස්මාට් ජංගම දුරකතන විශාල වශයෙන් බලපාලා තියනවා. ඒඩ්ස් බොවෙන්නේ ලිංගික ඇසුරකින්. ජංගම දුරකතන හරහා සමාජ ජාල සහ අන්තර් ජාල ඔස්සේ ආසාදිතයන් ඇසුරට තරුණ පරපුර ගොදුරුවීම නිසා ලංකාවේ ඒඩ්ස්, එච්අයිවී ආසාදිතයන් තරුණ පරපුර තුළින් හමුවෙනවා.

පාසල් අධ්‍යාපනයේදී දී ලිංගික අධ්‍යාපනය හඳුන්වා දී ඇතත් බොහෝ ගුරුවරු නියම ආකාරයට දරුවන්ට එය දෙන්නේ නෑ. පොතෙන් බලා ගන්න කියලා කියනවා. ගෙදරදි මව්පියන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ගැන කියලා දෙන්නේ නෑ. අවුරුදු දහය වෙනකොට දරුවන් තුළින් ලිංගික හෝර්මෝන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලිංගික හැඟීම් දරුවන්ට ඇතිවෙනවා.

ඒ නිසා නිසි කාලයේදී ලිංගික දැනුම නොලැබුණාම දරුවන් ඒ දැනුම වෙනත් ආකාරයකින් ලබා ගන්නවා. විශ්ව තොරතුරු ගන්න ජංගම දුරකතනය ඉතාම හොඳයි. නමුත් ඒ මගින් වැරදි ලිංගික චර්යාවන් වලට දරුවන් ගොදුරුවීම වැඩියි. ඒ නිසා අවුරුදු දහයේ පහළොවේ  දරුවන් හුදකලාව ජංගම දුරකතනය භාවිතා කරනවනම් මව්පියන් ඒ සම්බන්‍ධයෙන් වැඩියෙන් හොයලා බලන්න.

ඒඩ්ස්, එච්අයිවී වැඩිපුර බෝවෙන්නේ වෘත්තීය ලිංගික ඇසුර ලබාදෙන්නන්ගෙන් වුවත් දැන් එය පිරිමි පිරිමි ලිංගික ඇසුර හෙවත් සමගිංගිකයන්ගෙන් වැඩිපුර බෝවෙනවා. ඒකට ස්මාට් ජංගම දුරකතන ප්‍රධාන හේතුවක්. මේ ඇබ්බැහිවීම වළක්වන්න සම්ප්‍රදායිකව කරගෙන ආ ප්‍රචාරණ වැඩිපිළිවෙල වෙනස් කරන්න සිදු වෙනවා. ඒ නිසා අලුත් ඇප් මගින් මේ තොරතුරු තරුණ පරපුර වෙත යැවිය යුතු වෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles