Monday, September 23, 2024

ගල් – වැලි – පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසියි

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය 4 දින තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 4 දින පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය අද (5) සිටම ක්‍රියාත්මක විමට  නියමිතය.

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටලු 4 දින පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් ඒ අනුව බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටත් තීරණය කළ බව හෙතෙම කීවේය.

ගල්, වැලි සහ පස් ලබා ගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත්කිරීමටද තීරණය වූ බව ඔහු පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles