නත්තලට පෙර එජාපයේ ගැටුම් අවසන්

0
724

නත්තල් උත්සවය එළඹීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ගැටලු නිමා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදීමට පියවර ගනු ඇති බවයි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්වය ද සජිත් ප්‍රේම­දාස මහ­තාට හිමි­ වනු ඇතැයි පක්ෂයේ ආරංචි මාර්ග සඳ­හන් කරයි. ඉදිරි සති කිහි­පය ඇතු­ළත කැඳ­වනු ලබන එක්සත් ජාතික පක්ෂ සම්මේ­ල­න­යේදී මේ සම්බ­න්ධව ප්‍රකාශ කිරී­මට නිය­මි­තව ඇත.

ඉකුත් සතියේ පක්ෂ මූල­ස්ථා­න‍යට රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යම විසින් විපක්ෂ නායක ධූරය සඳහා සජිත් ප්‍රේම­දාස මහතා නම් කළ අතර ඒක­ම­ති­කව ඔහු ඒ සඳහා සුදුසු බව සම්මත වූහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් බහු­ත­ර­යක මතය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නාය­කයා සජිත් ප්‍රේම­දාස මහතා විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here