Monday, September 23, 2024

ඉන්සි සිමෙන්ති තවත් පියවරක් ඉදිරියට

ඉන්සි සිමෙන්ති ලංකා සමා­ගම සිය මෙහෙ­ව­රෙහි සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ජාතික ඉදි­කි­රීම් ක්ෂේත‍්‍රය නංවා­ලී­මට, ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නවෝ­ත්පා­දන නිර්මා­ණය කිරීම සඳහා i2i විවෘත සහ­යෝ­ගීතා අව­කා­ශ­යක් හඳුන්වා දී තිබේ.

ඉන්සි සිමෙන්ති හි අලෙ­වි­ක­රණ, විකු­ණුම් හා නවෝ­ත්පා­දන විධා­යක උප සභා­පති යෑන් කුනික් පෙන්වා දුන්නේ නවෝ­ත්පා­ද­න­යන් සමා­ග­මට මෙන්ම ශී‍්‍ර ලංකා­වට ඉතාම වැද­ගත් බවයි. එහිදී ඔහු මෙසේ ද පැව­සීය.

‘‘අපගේ i2i වැඩ­ස­ට­හන මඟින් මෙම කර්මා­න්ත­යට සම්බන්ධ සියලූ දෙනා­ටම, විවෘත සහ­යෝ­ගීතා අව­කා­ශ­යක් ලබා දීම සැල­කිය යුතු කරු­ණක්. නව්‍ය තිර­සාර කොන්ක‍්‍රීට් සහ සිමෙන්ති විස­ඳුම් පද­නම් කර­ගත් නිෂ්පා­දන සංව­ර්ධ­නය කිරීම, හුව­මා­රු­කර ගැනීම, ඉගෙ­නීම සහ පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ට මෙම අව­කා­ශය භාවිතා කළ හැකියි. කර්මා­න්තය සඳහා අවශ්‍ය විවිධ වර්ගයේ පර්යේ­ෂණ මොඩි­යුල 40 කට වඩා අපගේ විශේ­ෂිත ක‍්‍රියා­කාරී අව­කා­ශ­යන් තුළ පරික්ෂා කිරීමේ හැකි­යාව පව­ති­නවා. අප ලබා දෙන පරී­ක්ෂණ 40 න් 15 ක් පමණ කර්මා­න්ත­යට හා ඉදි­කි­රීම් වෙළ­ඳ­පො­ළට නව්‍ය ඒවා වන අතර 10 කට වඩා වැඩි ප‍්‍රමා­ණ­යක් මගින් කාර්මික අංශය ආව­ර­ණය කෙරෙ­නවා.’’

මෙහි ප‍්‍රති­ඵ­ල­යක් වශ­යෙන් , ඉන්සි සිමෙන්ති හි නව තිර­සා­ර­ත්ව­යෙන් ඉහළ සහ වඩා කාර්ය­ක්ෂම නිෂ්පා­දන මගින් ලබා දෙන විස­ඳුම් තුළින්, මෙරට ඉදි­කි­රීම් කේෂේ­ත‍්‍ර­යට සාම්ප‍්‍ර­දා­යික සාමාන්‍ය සිමෙන්ති නිර්මාණ සහ සරල කොන්ක‍්‍රීට් නිර්මාණ වලින් ඔබ්බට ගමන් කිරී­මට හැකිවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles