Monday, September 23, 2024

සෙමි ලක්ෂරියට තිත

සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් අය කරන අර්ධ සුඛෝපභෝගි බස් සේවා අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල බලශක්ති අමත්‍ය මහින්ද අමීරවීර මහතා පහසුයි.  මඟින්ට කිසිදු පහසුකමක් නොදෙමින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගි බස් සේවාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.

අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් බස් මඟින් දහදාහක් සම්බන්ධ කරගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සිදුකළ සමීක්ෂණයකදී මගීන්ගෙන් සියයට සියයක්ම ප්‍රකාශ කර ඇත්තේ මෙම බස් සේවය අහෝසි කළ යුතු බවයැයි ඇමැතිවරයා සඳහන් කර ඇත.
සාමාන්‍ය ගාස්තුව මේන් 1 1/2ක බස් ගස්තුවක් අය කරන මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නීතියක් ඇතත් බොහෝ බස් රථවල වැඩිපුර මඟීන් ගෙන යන බව ද බස් රථයේ කවුළුවල රෙදි තිර එල්ලා තිබීම හැර වෙනත් කිසිදු පහසුකමක් මඟීන් ලබා නොදෙන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න මහතාගෙන් කළ විමසීමකදී ඕහු  පැවැසුවේ වසර ගණනාවක සිට මගීන් ගසාකන මෙම අධි සුඛෝපභෝගී බස් සේවය අහෝසී කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීම අගය කරන බවය.

සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1 1/2ක ගස්තුවක් අය කළ ද මගීන් කිසිදු පහසුකමක් ලබා නොදෙන මෙම අර්ධ සුඛෝපභෝගී බස් සේවය අහෝසි කරන ලෙස තම සංගමය පසුගිය රජයෙන් ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවම ද පැවැසු ඔහු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතාගේ රජයෙන් එම අධි සුඛෝපභෝගි බස සේවය අහෝසි කිරිමට පියවර ගැනීම ඉතා වැදගත් බව ද කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles