සාධාරණ සමාජය කරූට නායකත්වය දෙන්න කියයි

0
696

එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයට කතානායක කරූ ජයසූරිය මහතා පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ නියෝජිත භික්ෂූන් වහන්සේලාගේ අත්සන් සහිතව සකස් කළ විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මෙම ලිපියෙහි පිටපත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජිතයන්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු මහජන නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද යොමුකර ඇත.

පක්ෂ නායක ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇති අතර කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායක ධූරයට පත් වුවහොත් එය පිළිගෙන ඔහු සමඟ පක්ෂයේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ද ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here