තමන්ට ලබාදී ඇති අමාත්‍යංශයේ පහසුකම් ප්‍රමාණවත් නොවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කිරීම නිසා එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග මහතා තමන්ට ලබාදී තිබූ අමාත්‍ය කාර්යාලය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබාදී පහසුකම් ප්‍රමාණවත් නැතැයි පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ සිට තම රාජකාරි විසිවැනි දා සිට ආරම්භ කර තිබේ.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වැනි මහලේ ප්‍රසන්න රණතුංග මහතාට හිමිව තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට හිමිව තිබුණේ එහි විසිපස් වැනි මහලේ පිහිටි කාර්යාලයයි.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තම අමාත්‍යාංශ කාර්යාලයේ පහසුකම් පිළිබඳව දුක කියා තිබෙන බව කන වැකුණු ප්‍රසන්න රණතුංග මහතා මෙම පියවර ගෙන තිබේ.