Wednesday, September 25, 2024

අයහපත් කාලගුණයෙන් ජනතාවට දැඩි පීඩා

දිවයිනේ දිස්ත්‍රික් 13කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3314කට අයත් පුද්ගලයන් 12,000ක් පමණ විපතට පත්ව ඇත.

ඔවුන් ආරක්ෂිත ස්ථාන 90ක රදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල යි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 47ක් පුර්ණ වශයෙන් විනාශයට පත්ව ඇති අතර නිවාස 1000කට වැඩි සංඛ්‍යාවකට අර්ධ වශයෙන් හානී සිදුව ඇත.

ඊයේ පස්වරුවේ අනුරාධපුර, කෑගල්ල, හම්බන්තොට, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලට තද සුළං තත්ත්වයක් ද හටගෙන තිබුණි.

මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ලග්ගල, පල්ලේගම, නාවුල, විල්ගමුව, රත්තොට, උඩුදුම්බර, මැද දුම්බර, වලපනේ, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හාලිඇල, ඌවපරණගම, ඇල්ල, හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල, හපුතලේ සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම පිළිබද රතු නිවේදන නිකුත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles