හොරු සුරතල් කරපු කාලය ප්‍රමාණවත්. දැන් හොරුන්ට නිසි පියවර ගතයුතුයි – සමන්ත විද්‍යාරත්න

0
773

අමෙරිකාව සමඟ අස්සන් කිරීමට නියමිත  එම්.සි.සි.ගිවිසුමට යළි පනදීමෙන් රට අර්බුදයකට පත් නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“රට අමෙරිකන් අධිරාජ්‍යවාදයට දුන්නා කියලා තමයි ආණ්ඩු බලය ගත්තේ. ඒ ගිවිසුම්වලට නැවත පණ දෙන්න බෑ. හොරු සුරතල් කරපු කාලය ප්‍රමාණවත්. දැන් හොරුන්ට නිසි පියවර ගතයුතුයි. හොරුත් එක්ක සුරතල් වෙන ආණ්ඩුවක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාට කියනවා සංදර්ශන පැත්තකින් තියලා ජනතාව බලාපොරොත්තු වෙන වෙනස කළ යුතුයි. මහබැංකු හොරුන්ට ක්‍රියාමාර්ග ගත යුතුයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට සාධාරණය ඉටුකළ  යුතුයි. රටක් විදියට වන්දි ගෙව්වා ප්‍රමාණවත්. දැන් ආණ්ඩුව ක්‍රියාමර්ග ගත යුතුයි. නැත්නම් ජනතාව ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් විය යුතුයි.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here